අපරාධ කර රට පැනිල්ලට වැට බඳින්න ඇමති ටිරාන් ගෙන් ඇමරිකන් ගේමක්
Lanka Hot News මෙරටට ඇතුළු වෙන හා පිටවන සියලු පුද්ගලයන් හඳුනාගැනීමේ දේශසීමා පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. යම් පුද්ගලයකු අපරාධයක් කර රටින් පලා යෑමට උත්සාහ ගන්නේ නම්, මෙම දේශසීමා පාලන පද්ධතියෙන් එය ක්ෂණිකව වැළැක්වීමට හැකිවනු ඇත.
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් මෙන්ම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරුද මෙම පද්ධතියට ඇතුළත් කරන හෙයින් එවැනි තැනැත්තෙකු මෙරටට ඇතුළු වීමට හෝ පිටවීමට උත්සාහ කළහොත් ඔවුන් ස්වයංක්‍රීයව හඳුනාගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයකි.
එවැනි දේශසීමා පාලන පද්ධතියක් ලබාදීමට ඇමරිකානු එක්සත් ජනපද රජය කැමැත්ත පළකර ඇති අතර, එම පද්ධතිය නොමිලයේ ලබාගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ඇමරිකානු එක්සත් ජනපද රජයේ දූත පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
අපරාධ කර රට පැනිල්ලට වැට බඳින්න ඇමති ටිරාන් ගෙන් ඇමරිකන් ගේමක්
2024-02-05T08:29:00+05:30
Gossip Lanka Hot News






