gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි කී හරීන්ට නඩු

සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

ඇමැතිවරයා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර දී එම අදහස ප්‍රකාශ කර තිබිණි. 

එම ප්‍රකාශය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් මන්ත්‍රීවරයකු වශයෙන් ලබා දී ඇති දිවුරුම කඩවන බවත්, මෙරට ස්වෛරීභාවය උල්ලංඝනය වන බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දී ඇත.

එම හේතු සාධකයන් නිසා හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාට එරෙහිව නුදුරු දිනයකදී සුදුසු පියවරයන් ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටී.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka