ජැක්සන්ලා අල්ලන්න බස් එකට නැග්ග පොලිසියේ නිලධාරිනියටත් ‘ජැක්’ එකක් ගහලා!
ළමා හා කාන්තා හිංසනයන් ගැන සෙවීමට බස් රථයට නැඟි පොලිස් උපාය දූතිකාවකට පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලිංගික අතවර කර ඇති බව වාර්තා වේ.
සැකකරු, අත්අඩංගුවට ගැනීමෙන් පසු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු වයස අවුරුදු 44ක පුද්ගලයෙකි.
රටපුරා ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමි ව පොදු ප්‍රවාහන සේවාවන් හරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර දරුවන්ට සිදු වන ලිංගික අතවර වැළැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙහෙයුම අතර දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ජැක්සන්ලා අල්ලන්න බස් එකට නැග්ග පොලිසියේ නිලධාරිනියටත් ‘ජැක්’ එකක් ගහලා!
2024-02-18T15:51:00+05:30
Gossip Lanka Hot News





