gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ධීවර ආක්‍රමණ බරපතල ගැටුමක් ඇති කරන ලකුණු… ඊයේ බලහත්කාරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් උතුරේ ධීවරයින්ගේ කෝටි එක හමාරක් වටිනා දැල් කපලා…

ඉන්දීය ධීවර බෝට්ටු විස්සක්  පමණ යාපනයේ වෙත්තිලකේණී මුහුදු කලාපයට ඊයේ (24)  අනවසරයෙන් පැමිණ යාපනයේ ධීවරයින්ගේ දැල් හතළිහකට වැඩි සංඛ්‍යාවක්    කපා විනාශ කොට තිබේ. යාපනයේ ධීවරයින් මේ පිළිබදව  යාපනය වෙත්තිලකේණී  ධීවර සංගමය වෙත පැමිණිලි කොට ඇති අතර මේ නිසා එම ධීවරයින්ට සිදුව ඇති අලාභය රුපියල් කෝටි එකහමාරක් පමණ වන බවද සඳහන් කොට තිබේ. 

ඉන්දියාවේ රාමේස්වරන් ධීවර සංගමය විසින් ආරම්හ කරණ ලද විරෝධතාවය නිසා ඉන්දීය ධීවරයින් දින හයක් පමණ  උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණීම නැවතී තිබූ නමුත් ඔවුන් විරෝධය අත්හැරීමත් සමගම පැමිණි පළමු දිනයේදීම මෙම විනාශය කොට තිබේ.

යාපනයේ ධීවරයින් ප්‍රකාශ කලේ ඉන්දීය ධීවරයින් තම ධීවරයින්ගේ දැල් හා උපකරණ විනාශ කරණ අවස්ථාවේදී නාවික හමුදාවේ යාත්‍රාවක්  එම සිද්ධිය දැක ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා පලවා හැරීමට ක්‍රියා නොකලේ නම්  තමන්ට මීට වඩා විශාල හානියක් සිදුවන බවය.

ඉන්දීය ධීවරයින් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටීමට එරෙහිව ඉන්දීය ධීවරයින් විසින් දියත් කළ විරෝධතාවයට උතුරේ ධීවරයින්ගේ සහය ඉල්ලා සිටි අවස්ථාවේදි ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීමේ තරහ පිරිමැසීමට ඉන්දීය ධීවරයින් තමන්ගේ දැල් විනාශ කළ බවද යාපනයේ ධීවරයෝ කියා සිටියහ.
-දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka