ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරය නිමකර මුම්බායි සිට ශ්‍රී ලංකාවට පැමිණියේ තමන් සමග එකම ගුවන් යානයේ බව සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ව්‍යයාපාරික පන්තියේ ගුවන් අසුනක තමන් ආසන්න අසුනක ඔහු පැමිණි බවද හෙතෙම පැවසීය.
හිරු රූපවාහිනි නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් මෙය අහඹු සිදුවීමක් බවත් පෙර සැලසුම් කළ හමුවීමක් නොවන බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසුවේය.