6 වසරට ඇතුළු වූ සිසුවාට 10 වසර සිසුන් පහර දී මුදල් කොල්ල කාලා… බරපතල පහරකෑමට ලක් වූ සිසුවා රෝහලේ!
යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයට අළුතින් හය වන ශ්‍රේණියට ඇතුළත් වූ සිසුවෙකුට එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් පහර දි ඔහුගේ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනය නෙල්ලි අඩි පොලීසියට හා කළාප අධ්‍යාපන කාර්යාලයට 27 දා පැමිණිලි ලැබී තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව එම කුඩා සිසුවා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ වඩමරච්චි ප්‍රදේශයේ ගම්බද පාසලකිනි.
ඔහු පාසලට ඇතුළත් කළ මුල්ම දිනයේදී මෙම පහර කෑමට ලක්ව ඇතත් ඔහු ඒ පිළිබදව දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට ප්‍රකාශ කොට නොමැත.
පහර කෑමට ලක් වූ සිසුවා නිවසට පැමිණ සිටියදී ඊට පසුදින ඔහුගේ කම්මුල් හා පිට ඉදිමෙන්නට පටන් ගැනීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ.
ඔහුගේ තත්ත්වය බරපතල නිසා ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට මාරු කිරීමෙන් පසුව සිසුවා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලදී ඔහු තදබල පහර කෑමකට ලක්ව සිටින බවට නිගමනය වී තිබේ.
අනතුරුව මේ සම්බන්ධයෙන් දෙමව්පියන් අදාල බලධාරීන්ට පැමිණිලි කොට අති අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමෙන් පසුව උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්.චාර්ල්ස් මේ සිදුවීම පිළිබදව පූර්ණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ඉතා කඩිනමින් ආණ්ඩුකාර කාර්යාලයට ලබා දෙන ලෙස පොලීසියට හා යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.
-දිනසේන රතුගමගේ
6 වසරට ඇතුළු වූ සිසුවාට 10 වසර සිසුන් පහර දී මුදල් කොල්ල කාලා… බරපතල පහරකෑමට ලක් වූ සිසුවා රෝහලේ!
2024-02-28T21:14:00+05:30
Gossip Lanka Hot News





