gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනාඩි දොළහක සංචාරක ප්‍රවර්ධන විඩියෝවට රුපියල් දෙකෝටි තිස්තුන්ලක්ෂයක්

නව වසර උදාවේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් පෞද්ගලික ආයතනයක් යොදවා කළ විනාඩි දොළහක වීඩියෝවක් සඳහා රුපියල් දෙකෝටි තිස්තුන්ලක්ෂ එක්දහස් එකසියක් ගෙවීමට සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු මහතා විසින් සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත යැයි කියමින් මේ සඳහා මුදල් ගෙවන ලෙස අමාත්‍යාංශයට පෙබරවාරි 06 දා දැනුම් දී ඇති බව පැවසේ.

දෙසැම්බර් 31 වැනි දා රාත්‍රියේ කොළඹ දී පැවැති නව වසර උදාවත් සමග සකස් කරන ලද වීඩියෝ පටයක් සඳහා මෙම මුදල ගෙවීමට තීරණය කර තිබේ.

මෙරට සංචාරක කර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් කාලින ව්‍යාපෘතියක් සකස් කරනු වෙනුවට හිතවතුන්ගේ සමාගම් ලවා මෙතරම් මුදලක් යොදවා වීඩියෝ තැනීම මහජන මුදල් කාබාසිනියා කිරීමක් බව සේවක මතය වී ඇතැයි ද වාර්තා වේ.
-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka