ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කර හෝ යුක්තිය මෙහෙයුම නතර කර ගැනීමට ජාත්‍යන්තර සැලසුමක්..
දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ. ඩුබායි සිට මෙරටට ගෙන එන ලද පියුමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කර ඇති ප්‍රකාශ මත පදනම්ව සකස් කළ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපති කාර්යාලයට දී ඇති අතර එමගින් මේ බව හෙළි වී ඇත.
තවද මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පතිවරයා ඝාතනය කර හෝ යුක්තිය මෙහෙයුම නතර කර ගැනීමටද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව අනාවරණ වී තිබේ.
වැඩබලන පොලිස්පතිවරයාගේ නිල කාලය ලබන 26 සඳුදා අවසන් වීමට නියමිතය. ඔහු පත් කළේ මාස තුනක කාලයකටය.
යුක්තිය මෙහෙයුම ආරම්භයේ පටන් මහජන ආරක්ෂක ඇමැතිවරයාට මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයට හා පාතාලයට එරෙහිව විමර්ශන කළ පොලිස් නිලධාරින් රැසකටම විදෙස්ගත පාතාල කල්ලිවලින් තර්ජන එල්ල විය.
මත්ද්‍රව්‍ය ජාලය හා බැඳුණු විදෙස්ගත පාතාල කල්ලි ඩුබායි හා ඉන්දියාවෙන් ඔබ්බට තම කණ්ඩායම් යවමින් ජපානය, ඉතාලිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය හා සෞදි අරාබියට පාතාල කණ්ඩායම් ව්‍යාප්ත කර ඇති බවද හෙළි වී ඇත.
ඩුබායි හා ඉන්දියාවේ සිටින පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන 32 ක් මේ වන විට ලබා ගැනීමත් සමග පාතාල කණ්ඩායම් යුරෝපා රටවලට පැනගොස් බලය පතුරුවන්නට පටන්ගෙන ඇති බවද බුද්ධි අංශ සඳහන් කරයි.
Posted in: deshabandu-tennakoon,tiran alles
ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කර හෝ යුක්තිය මෙහෙයුම නතර කර ගැනීමට ජාත්‍යන්තර සැලසුමක්..
2024-02-20T08:55:00+05:30
Gossip Lanka Hot News
deshabandu-tennakoon|tiran alles|






