gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති බන්දුලට පෙන්නන්න පාර්ලිමේන්තු පාරේ බස් පෝලිමක් ගාල් කරලා (VIDEO)

අද (09) උදෑසන සිට මේ දක්වා පාර්ලිමේන්තු මාර්ගය අසල දිගු ලංගම බස් පෝලිමක් දක්නට ලැබෙනවා. ඒවා මඩකලපුව, යාපනය, බදුල්ල, එරාවුර් සහ අම්පාර වැනි ඈත පළාත් වල මෙන්ම ආසන්න ලංගම බස් ඩිපෝ වලිනුත් ගෙන ආ බස් රථ වෙනවා. මේ පිළිබඳව විමසීමේ දී වාර්තා වන්නේ එම බස් රථ ඒ ඒ ඩිපෝ වෙතින් අලුත්වැඩියා කළ බස් රථ බවයි. 

මෙම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් මෙලෙස පාර්ලිමේන්තුව අසලට රැගෙන විත් ඇත්තේ ඒවා ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධනට පෙන්වීමට බවයි කියන්නේ.

“මේක මහා පිස්සු වැඩක්. අපි හුඟක් බස් ආවේ දුර ඉඳලා. අපි දෙන්නෙකුට ඕටී බටා ගෙවනවා. ආවේ ඊයේ. අපි කොහොමත් අපේ ඩිපෝ වලින් බස් හදා ගත්තා. බස් හදා ගන්න බැරි උණේ ආණ්ඩුව ඒකට සල්ලි දුන්නේ නැති හින්දා. දැන් මේ පරණ බස් ටිකක් හදලා ඈත ඉඳන් කොළඹට ඇවිත් මේ කරන්නේ අපරාධයක්. ඇහැව්වොත් ආණ්ඩුවට සල්ලි නැහැ කියනවා. වියදම් අඩුකරන්න කියලා අපිට කියනවා. පරණ බස් ටික හදලා තේරුමක් නැතුව ඒවා කොළඹට ගෙනත් ඇමතිට පෙන්නනවා. උත්සවයකුත් තියනවා. පිස්සු වැඩක්” බව මේ පිළිබඳව අප කළ විමසීමක දී බස් රථ රියදුරන් පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka