විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සූදානමක්! ජනාධිපතිවරණයක් නැහැ!
ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බවට විපක්ෂය පවසනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින්.
සිවිල් සමාජයේ බළල් අත් ඒ සඳහා යොදා ගැනීමේ වෑයමක් පවතින බවට ද ඔහු චෝදනා කළා.
එහි පළමු සැලැස්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒම වනවා.
ඒ අනුව එම ක්‍රියාවලිය සිදුකිරීමට වසරක් පමණ ගත වන බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවේ ජනාධිපතිවරණය පිළිබඳ කිසිදු සඳහන් නොතිබූ බව ද කිරිඇල්ල මහතා කියා සිටියා.
එම නිසා මෙම ඡන්ද කල් දැමීමේ උත්සාහය ඉන් පැහැදිලි වන බවයි, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සූදානමක්! ජනාධිපතිවරණයක් නැහැ!
2024-02-09T10:40:00+05:30
Gossip Lanka Hot News






