gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

Milco, NLDB මිලට ගැනීම ගැන තව දුරටත් සාකච්චා කරන්න Amul සූදානම් - අනුර

ඉන්දියාවේ අමුල් සමාගම විසින් මෙරට මිල්කෝ ආයතනය හා ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ දේපළ මිලදී ගැනීමට ගැනීමේදී විවෘත භාවය ගැන යළි සාකච්ඡාවක් කිරීමට සූදානම් බව අමුල් සමාගම පැවසූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ සංචාරය අතරතුර එම සමාගමේ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔවුන් මෙම කරුණු පැවසූ බවද හෙතෙම කියා සිටියේය.

‘ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය ලෙස අපි අමුල් සමාගම මුණගැසුණා.

ලංකාවේ NLDB ආයතනය හා මිල්කෝ ආයතනය අමුල් සමාගම විසින් මිලදී ගන්න සාකච්ඡා කරලා තිබුණා.

අපි ඔවුන්ට විශාල ලෙස එහි විනිවිදභාවයෙන් තොර බව හා අප ඊට කරන බලපෑම පෙන්වා දුන්නා.

ඒ වගේම මෙහි තිබෙන කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් ජනාධිපති පුද්ගලික දේපලක් ලෙස විකිණීමට කරන මැදිහත්වීම ගැනත් අපේ ඇති විරෝධයත් පෙන්වා දුන්නා.

එහිදී ඔවුන් විසින් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න සූදානම් කියලා කිව්වා. ඒ වගේම මෙහි විවෘතභාවය ගැන ඔවුන් කටයුතු කරන බවත් කිව්වා’ යයි මන්ත‍්‍රීවරයා පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka