gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරාධ ජයරත්න උඩපලාත ප‍්‍රාදේශීය ලේකම්ගෙන් බිලියනයක් අපහාස වන්දි ඉල්ලා නඩු යයි

උඩ පළාත ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි ජයරත්න මහත්මිය තමන්ට අපහාස කිරීම නිසා ඇයගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා අධිකරණයේ නඩු පවරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.

තමන් දේශපාලනය භාවිතා කර කිසිදු රාජ්‍ය දේපලක් අවභාවිතා කර නැති බවද පවසන ඔහු දේශපාලන වශයෙන් මඩ ගැසීම සිදුකළ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරිය තමන්ට මෙසේ අපහාස කර ඇති බවත් කියා සිටියාය.

රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් මෙම අදහස් පළ කළේය.

මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා මහනුවර නගර සභාවේ දේශපාලන පක්ෂයක ප්‍රබල ක‍්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරන අයෙක් බවත් ඔවුන්ගේ අවශ්‍යතා මත ඇය මෙම මඩ ගැසීමේ කටයුතුවල නියැලෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස බරපතල වරප්‍රසාද කඩ කිරීමක් සිදුවන බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ප්‍රාදේශීය ලේකම්වරිය විසින් තමන්ගේ නම ලියා නෙරපීමේ ලිපියක් ගොඩනැගිල්ලක තාප්පය අලවා ඇති බවත් එම ගොඩනැගිල්ල තමන්ට හෝ තම පවුලේ කිසිවෙකුට අයත් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka