පුත්තලමේ තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වාහනය අද පාන්දර 1.30ට අනතුරක! හැප්පිලා තියෙන්නේ රත්තරන් කේස් එකට අහුවුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්!
පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.
පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය 13 දින අලුයම 1.30 ට පමන මෙසේ ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයෙ ගැටි ඇත.
අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.
පුත්තලමේ තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වාහනය අද පාන්දර 1.30ට අනතුරක! හැප්පිලා තියෙන්නේ රත්තරන් කේස් එකට අහුවුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්!
2024-02-13T06:54:00+05:30
Gossip Lanka Hot News






