gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි වසර කීපය සදහා රටේ නායකත්වය රනිල්ට ලබා දිය යුතුයි – අලි සබ්රි

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම වසරේ දී මිලියන 2.5ක සංචාකරකයින් ගෙන්වා ගැනීමේ ඉලක්කය අපට සපුරා ගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස වල සංචාරකයින්ගේ පැමිණීම සැලකීමේ දී අදාළ ඉලක්කය පහසුවෙන් සුපරා ගැනීමට හැකිවන තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්ට තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමයේ තිස්වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ (25) මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී පැවැති උත්සවකය දී ඇමැතිවරයා මේ බව පැවසුවා.

විදේශ සංචාරකියින් ලක්ෂ 15 ක් පසුගිය වසරේ දී මෙරටට පැමිණි බවත් එම වසරේ ජනවාරි මස සංචාරකයින් ලක්ෂයක් පැමිණෙත් දී පසුගිය ජනවාරියේ දී සංචාරකයින් දෙලක්ෂ දසදහසක් පැමිණ තිබෙන බවත් කී අලි සබ්රි මහතා 2023 පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාකරයින් ගේ මුළු සංඛ්‍යාව මෙම වසරේ පෙබරවාරියේ මුල් දින 10 තුළදීම ආවරණය වූ බව ද අවධාරණය කළා.

ආර්ථික අතින් බරපතළ අර්බුදයකට පත් වූ ග්‍රීසිය, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව ඇතුළු රටවල් එම තත්ත්වයෙන් මිදීමට දශකයකටත් වැඩි කාලයක් ගනිත් දී ශ්‍රී ලංකාව වසර දෙකක් වැනි කාලයක දී අදාළ ඉලක්ක වෙත ළඟ වූ බවත් ඒ සඳහා  ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය හා සැළසුම්  විශාල පිටුබලයක් වූ බවත් ඇමැතිවරයා පැවසුවා.

ලෝක ආර්ථිකය බිලියන 86000 ක් වෙත් දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින්නේ බිලියන 74 ක් වැනි ඉතාම කුඩා අගයක බවත් විදේශීය ආයෝජකයින් ගෙන්වා ගැනීමට නම් අප වෙළෙඳ ගිවිසුම් ඔස්සේ විශාල වෙළෙඳ පොළක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය්‍ය කාරණයක් බවත් කී ඒ මහතා චීනය, ඉන්දියාව, බංගලාදේශය, වියට්නාමය වැනි රටවල් අද සීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරමින් සිටින්නේ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීමට කටයුතු කිරීමෙ ප්‍රතිපල ලෙස යැයි ද අවධාරණය කළා.

බරපතළ කඩා වැටීමකට ලක්ව පැය 13 ක් විදුලිය කපද්දී ජනතාවට ඉන්ධන හා ගෑස් පෝලිම් වල දින තුන හතර  ගත කිරීමට සිදුවත් දී  රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් වැනි කෙටි කාලයක දී පැය 24 පුරා අඛන්ඩව විදුලිය ලබා දී පෝලිම් සියල්ල නැතිකර උද්ධමනය ද පාලනය කළ බවත් තවත් වසර කිහිපයක් රට පාලනය කිරීමට ඒ මහතාට  ලබාදිය යුතුය යන්න තම ස්ථාවරය බවත් අලි සබ්රි මහතා සඳහන් කළා.

රට ක්‍රමානුකූලව ස්ථාවරත්වයට පත් කෙරෙන මෙම පාලනය වෙනුවට වෙනත් පාලනයක් ස්ථාපිත කරන්නට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් රට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා වන ආර්ථික දැක්ම ඔවුන් රටට හෙළි කළ යුතු බව ද ඒ මහතා පැවසුවා.

මෙරට රාජ්‍ය සේවය රටට ඉතා විශාල බරක් බවත් එහි ප්‍රතිසංස්කරණ රැසක් සිදුවිය යුතුව තිබෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, එම්.එච්.එම් හලීම්, මහනුවර හිටපු නගරාධිපති කේසර සේනානායක, මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමයේ සභාපති එම්.එච් සලීම්ඩීන්, ලේකම් ඒ.සී.එම් රහුමාන් යන මහත්වරු ද සහභාගි වූවා.  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka