gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමට අනුමැතිය

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ ස්ථීර කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි අනුමැතිය ලැබී ඇතැයි ‘දි සන්ඩේ ටයිම්ස්‘ වාර්තා කරයි.

දේශබන්දු තෙන්නකෝන් මේ වන විට කටයුතු කරන්නේ වැඩබලන පොලිස්පතිවරයා වශයෙනි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්ද විමසීමක් පැවති අතර, සාමාජිකයින් සිව් දෙනෙකුගේ අනුමැතිය ඊට පළව ඇති අතර, දෙදෙනෙකු ඊට එරෙහි වී ඇත. තවත් සාමාජිකයින් දෙදෙනෙක් එම අවස්ථාවට පැමිණ නොසිටියහ.

 ඒ අනුව, තීරණාත්මක ඡන්දය ලෙසින් කථානායකවරයාගේ ඡන්දය සලකා බලනු ලැබීය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාල පත් කිරීම ඉදිරි පැය 24 දී සිදු කිරීමට නියමිත බව ‘දි සන්ඩේ ටයිම්ස්‘ වාර්තා කරයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතව තිබිණ. 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka