gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ මැතිවරණයක් ඉල්ලන්න සටනට පොහොට්ටුවෝ දැනුවත් කිරීම 15දා සිට!

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලබන අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මහමැතිවරණයක් අවශ්‍ය බවට සිය පාක්ෂිකයින් තුල මතයක් ගොඩ නැගීම සදහා ලබන 15 වැනිදා සිට ගම් මට්ටමින් ජනාතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කරිමට සැලසුම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

දැනට ඇමරිකාවනට ගොස් සිටින එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එහි සිට එම සංවිධාන කටයුතු මෙහෙයවන අතර ඔහු මේ මස අවසානයේ යළි මෙ රටට පැමිණිමට නියමිත බවද වාර්තා වේ.

එසේ පැමිණිමෙන් පසුව ජනාධිපතිවරයා සමග සාකචිජාකර මැතිවරණයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර එසේ නොමැති නම්  මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලම්න් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇති බව ද පැවසේ.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේ දී ද, මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ දී ද

පැවැත්වීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ‘ද ලීඩර්’ වෙත පවසා තිබිණි.

ජනාධිපති කාර්යාලයේ පසුගිය අඟහරුවාදා(09) පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී ජනපතිවරයා මේ බව පවසා ඇතැයි ද වාර්තා වේ.

එසේම මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි ද පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka