gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ධම්මිකට පොහොට්ටුව ඇතුළෙන්ම විරෝධයක්!

මෙම වසර අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටින ධම්මික පෙරේරා මහතා ට එම පක්ෂය අභ්‍යන්තරයෙන්ම බරපතල විරෝධයක් මතුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ අරමුණින් මේ වන විට ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර සති අන්ත පුවත්පත්වල පිටු පුරා දැන්වීම් පළ කර තිබුණි.

ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා ඉදිරිපත්වීමට සූදානමින් සිටින්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබාදී ඇති පොරොන්දුවක් අනුව බවද දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

කෙසේ නමුත් මේ සඳහා පොහොට්ටුව අභ්‍යන්තරයෙන්ම විරෝධයක් පැන නැගී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඒ සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කිසිදු සහායක් නොලැබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka