අලුත් සන්ධානයෙන් ශ්‍රිලනිපය මස් රාත්තලම ඉල්ලන්න යයි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ඇතිවෙන නව සන්ධානයේ නිලතලවලින් බහුතරයක් එම පක්ෂයට ලබාගත යුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයින් පිරිසක් මේ බව පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියා.
ඉදිරි සතිය තුල නව සන්ධානයේ ව්‍යවස්ථාව සකසා අවසන් කර හැකි විගස නව සන්ධානය එලි දැක්වීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.
එහි මහ ලේකම් තනතුර ලබාදීමට පැවති ගැටලුවද මේ වන විට අවසන් වී තිබෙනවා.
ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වීම හේතුවෙන්.
අදාළ තනතුර සදහා ඇති නීතිමය ගැටලුව මෝසමක් මගින් අධිකරණය වෙත දැනුම් දීමටද නියමියතයි.
අලුත් සන්ධානයෙන් ශ්‍රිලනිපය මස් රාත්තලම ඉල්ලන්න යයි!
2024-01-31T09:23:00+05:30
Gossip Lanka Hot News






