එක් එක් අයගේ හිතළු මත භාෂණයේ නිදහසට බාධා වන අධිකරණ නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30) අවධාරණය කළේය.
උද්ඝෝෂණයකදී හෝ විරෝධතා පාගමනකදී මහජන පීඩාවක් ඇතිවේ යැයි අනුමාන කරමින් ඒවා වළක්වන ලෙසට පොලිසිය කරන ඉල්ලීම්වලට අධිකරණ නියෝග නිකුත් නොකරන බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී අවාධාරණය කළේය.
සමගි ජන බලවේගය විසින් ඊයේ පවත්වන ලද උද්ඝෝෂණය හා විරෝධතා පාගමන වළක්වන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, එම්. මරික්කාර්, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා, සරත් ෆොන්සේකා, ජේ.සී. අලවතුවල, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි සේවක සංගමයේ සභාපති අශෝක අබේසිංහ, සමගි විහිදුම් බළගණයේ සභාපති හේෂා විතානගේ, සමගි තරුණ බළගණයේ සභාපති කාවින්ද ජයවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත නම් කර තිබුණි.
(අරුණ)