බඩු මිල ඉහල යන නිසා හුතී කැරලිකරුවන්ට එරෙහිව නාවික හමුදා නෞකාවක් රතු මුහුදට යවනවා - ජනපති
රතු මුහුදේ හුතී කැරලි කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වලට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් රතු මුහුදට යැවීමට එකඟ වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණ ‘ශිල්ප අභිමානී 2023’ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.
ඔහු එහිදී මෙසේද පැවසීය.
‘යුක්‍රේන යුද්ධය තිබෙනවා. ගාසා තිරයේ යුද්ධය තිබෙනවා. එහි භාණ්ඩ මිල වැඩි විය හැකියි. දැනටමත් රතු මුහුදේ හූතී කණ්ඩාම් නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනා ගමනය නැවති තිබෙනවා. මෙම නැව් රතු මුහුදෙන් එන්නේ නැතිව දකුණු අප්‍රිකාව වටේ ගමන් කළහොත් එයින් බඩු මිල ඉහළ යනවා. එම නිසා හූති වැඩකටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට අප එකඟ වී තිබෙනවා.’
බඩු මිල ඉහල යන නිසා හුතී කැරලිකරුවන්ට එරෙහිව නාවික හමුදා නෞකාවක් රතු මුහුදට යවනවා - ජනපති
2024-01-05T07:20:00+05:30
Gossip Lanka Hot News





