gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පනී යයි සැක මන්ත‍්‍රීන් 18ක් සිංගප්පූරුවේ හෝටලයක සගවලා!

කලකට පෙර පක්‍ෂ මාරු කරායි යැයි සැක සහිත එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිංගප්පූරුවේ හෝටලයක රැඳවීමකට එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා සිටි රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මන්ත‍්‍රීවරුන් දහ අට දෙනෙකු වන මෙම පිරිසට ගුවන් ගාස්තු, දින ගණනක හෝටල් ගාස්තු ගෙවමින් අතටද මුදල් දී මෙසේ රඳවා තැබූ බවත් හෙතෙම පැවසීය.

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයට විවිධ පුද්ගලයන් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණක් බවත් කිසිදු අයකුට කිසිදු ඇමතිකමක්, තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකම් ලබා නොදෙන බවත් මෙම සන්ධානයට ගනු ලබන්නේ සමගි ජන බලවේගය පිළිගන්නා මැද මාවත අනුව කටයුතු කරන පිරිස බවත් වරදාන වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරු රඳවා ගැනීම සහ බඳවා ගැනීම සිදු නොකරන බවත් එම සංස්කෘතියට නැවතීමේ ළකුණ තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජ වාදයෙන්, අන්ත වාමවාදයෙන්, කොමියුනිස්ට්වාදයෙන් මෙන්ම ධනවාදයෙන් ද රට ගොඩ ගත නොහැකි බවත් ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මූලික කර ගත් මානුෂීය ධනවාදයක් ක්‍රියාත්මක කළ යුතු බවත් එබැවින් මෙම සන්ධානය ඇති කිරීමේ දී කිසිදු වරදාන වරප්‍රසාද ලබා නොදෙන බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව සේවය කළ හැකි පිරිස පමණක් බඳවා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (4) කැස්බෑව ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රග්ධනයේ ගමන නමින් සංකල්පයක් ලෝකයේ ඇති බවත් එය ප්‍රග්ධනය ඇතුළට සහ පිටත යනුවෙන් කොටස් 2කින් සිදු වන බවත් අපේ රටේ සිදුවිය යුත්තේ ප්‍රාග්ධන සම්පත රට ඇතුළට ලබා ගැනීම වුවත් සිදු වන්නේ රටින් පිටතට ප්‍රාග්ධනය යැවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොරෝනා සමයේ චීනයෙන් පිටතට ප්‍රාග්ධන සම්පත ඇදී යන විට ඉන්දියාව වැනි රටවල් එම ප්‍රාග්ධන සම්පත ලබා ගැනීමට වෙහෙසෙන විට අපේ රටේ රජයන් කොටු පවුරු බැදගෙන දේශානුරාගය ඉස්මතු කරමින් ප්‍රශස්ති ගායනා සිදු කරමින් සිටි නිසා රට බංකොලොත් වූ බවත් රට දියුනු වීමට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන රටේ නායකයෝ හොරකම් කිරීම නිසා රටට අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

බංකොලොත් රටෙන් පවා හොරකම් සිදු වෙනවා

බංකොලොත් වූ රටෙන් පවා හොරකම් සිදු කරන බවත් ජනතාව විදින දුක කදුල වේදනාව රජය අවබෝධ කර නොගත්තට විපක්ෂය එය හොඳින් අවබෝධ කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා සෞඛ්‍ය පහසුකම ගැන විපක්ෂ නායකවරයාගේ අවධානය

එසේම කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ගැන කතා කරද්දි තමාට අපහාස කළත් අද එය රටම පිළිගෙන ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සඳහා වන පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 60ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 572ක් වැය කර තිබේ.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka