පාර්ලිමේන්තුව වාර අවසන් කලොත් පටන් ගන්න ඇමති මාරුවක්!
පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අද සිදුකළහොත් එය නැවත ආරම්භ කිරීමට ප්‍රථම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා.
එම සංශෝධනය සිදු වන්නේ නම් දේශපාලන පිල් මරුවක් සිදුවීමට නියමිත බවද රජයේ ජේෂ්ඨ ප්‍රකාශයෙකු අනාවරණය කළා.
දැනට ඇමතිකම් කිහිපයක් දරණ මන්ත්‍රීවරුන්ගෙන් වැඩිපුර ඇති ඇමතිකම් ගලවා අලුත් මන්ත්‍රීවරුන්ට ලබා දීමටයි නියමිත වන්නේ.
නව ඇමතිකම් ලැබෙන පිරිස අතරට සජබ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්,පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සහ ස්වාධින කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුලත් බවද වාර්තා වෙනවා.
පාර්ලිමේන්තුව වාර අවසන් කලොත් පටන් ගන්න ඇමති මාරුවක්!
2024-01-24T10:40:00+05:30
Gossip Lanka Hot News






