gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කන්න නැති රටේ ඉන්දියානු නිළියෝ එක්ක තොණ්ඩා සුදිය දාපු එක ගැන විරෝධතා!

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ඇමැති ජීවන් තොණ්ඩමන් විසින් පසුගිය ඉරිදා හැටන් නගරයේ පවත්වනු ලැබූ ජාතික තෛපොංගල් උත්සවය සඳහා දකුණු ඉන්දීය නිළියන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයා විවේචනයට ලක්ව තිබේ.

අයිශ්වර්යා රාජේෂ් (Aishwarya Rajesh), අයිශ්වර්යා දත්තා (Aishwarya Dutta), සම්යුක්තා මෙනන් (Samyuktha Menon) සහ මීනක්ෂි (Meenakshi) යන දකුණු ඉන්දීය නිළියන්ට ඇමැතිවරයා විසින් උත්සවයට ආරාධනා කෙරිණි.

“ඉහළ යන ජිවන වියදම හේතුවෙන් ජනතාව පිඩාවට පත්ව සිටින අවස්ථාවක ජාතික තෛපොංගල් දිනය අති සුඛෝපභෝගී ලෙස සැමරීමට තොන්ඩමන් කටයුතු කළේ මන්දැයි” යැයි මේ සම්බධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක ලෙට්සුමනර් සංජය ප්‍රශ්න කර ඇත.

“නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් හැරයාම වැඩිවී තිබෙනවා. පවුල් රැසක් සාගින්නෙන් පෙළෙමින් සිටිනවා. ජනතාව ඡන්ද ලක්ෂයකට වඩා දීලා පාර්ලිමේන්තුවට යැව්වේ ඒ අයගේ සේවය ලබාගන්න. නමුත් ජීවන් තොණ්ඩමන් දකුණු ඉන්දීය නිළියන් ගෙන්නනවා. මේ සංචාරය සඳහා මුදල් පැමිණියේ කොහෙන්ද? මේ විදියට ජනතා මුදල් නාස්ති කිරීම ගැන ජනතා නියෝජිතයෙක් ලෙස ජීවන් තොණ්ඩමන් අනිවාර්යයෙන්ම පිළිතුරු දිය යුතුයි” හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

එසේම, දකුණු ඉන්දීය නිළියන් වෙනුවට දේශීය කලාකරුවන්ට ඒ සඳහා ආරාධනා කිරීමට තිබූ බවද ඔහු පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka