gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘භාරත‘ මැරුවෙ මං කියමින් තර්ජනය කරන්නෙක් ගැන සොයයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්දු මහතා ඝාතනය කළ ‘සුද්දා’ නමැත්තා තමන් බව පවසමින් මත්තේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකතන ඇමතුමක් දී කප්පම් ඉල්ලූ බව පැවැසෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මත්තේගොඩ පොලීසිය පවසයි.

මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙසින්, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ද පෙරේදා 21 වැනිදා සිට වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.මෙම දුරකතන ඇමතුම ඉකුත් 20 වැනිදා ලැබී තිබූ අතර,

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ නිෂ්පාදන ආයතන කිහිපයක අලෙවි නියෝජිතවරයකු වන පැමිණිලිකරුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන, “මල්ලි මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මරපු කෙනා. මගෙ නම සුද්දා, ඔයා මාව දන්නවා ඇතිනේ. කොළඹ බිස්නස්කාරයෝ නම් මාව නොදන්න කෙනෙක් නෑ. ඔයාට මත්තෙගොඩ සහ දියගම වෙළෙඳසල් දෙකක් තියෙනවා නේද? කොළඹ අවට බිස්නස් කරන අය මට හොඳට සලකනවා. ඔයත් මට සලකන්න ඕනෑ. පුළුවන් නේද? ඒක ඔයා කැමැති ගාණකින් පටන්ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් දන්නවනේ උඹගේ අම්මට තාත්තට පවුලට දරුවොන්ට උඹව නැති වේවි. මත්තේ ගොඩ මහ පාරෙ උඹව පෙනේරයක් වගේ මරල දානවා දැනගනින්" යනුවෙන් පවසා ඇති බව පොලීසියේ කළ පැමිණිල්ලේ සඳහන්ය. පසුව මේ සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියේ පැමිණිල්ලක් කර තිබූ අතර, ඇමතුම ලැබූ අංකයට පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත යළි ඇමතුමක් ගැනීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, “හරි හරි ෆෝන් එක තියපන්. මම තව දවස් දෙක තුනකින් උඹව හම්බෙන්න එනවා” යනුවෙන් පවසා ඇමතුම විසන්ධි කර තිබූ බව පොලීසිය කියයි.

පසුව අදාළ දුරකතන අංකය අන්තර්ජාලය හරහා පරීක්ෂා කිරීමේදී එහි හඳුනා ගැනීමේ නාමය ලෙස සඳහන්ව ඇත්තේ ‘මන්නා රමේෂ්' යනුවෙන් බව ද පැවැසේ.මෙම සිද්ධිය වූ දා පැමිණිලිකරුගේ ව්‍යාපාරික ආයතනයකට අලුතින් සේවකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ජාතික පුවත්පතක දැන්වීමක් පළ කර තිබූ අතර, එහි සඳහන් අංකයට ඇමතුම ලැබී තිබූ බවද පැවැසේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මත්තේගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය මහතාගේ උපදෙස් මත, මත්තේගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka