නෛතික පදනමකින් නඩුව පවත්වාගන්න බෑ… “විශ්ව බුද්ධ” නමින් සිටින විකෘති සිවුරු රඳවනය ඇප මත නිදහස්!
විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරී විකෘතිය රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (09) නියෝග කළේය.
පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් දැන්වූයේය.
පසුගිය දෙසැම්බර් මස 12 වැනිදා අත් අඩංගුවට ගෙන 13 දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති මෙම සිවුරු රඳවනයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
කෙසේ වෙතත් මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය.
නෛතික පදනමකින් නඩුව පවත්වාගන්න බෑ… “විශ්ව බුද්ධ” නමින් සිටින විකෘති සිවුරු රඳවනය ඇප මත නිදහස්!
2024-01-09T14:30:00+05:30
Gossip Lanka Hot News






