සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා විසින් කරන ලද අභියෝගය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.
ඔහු පවසන්නේ තමන් සහ සමග විවාදයකට පැමිණීමට පෙර දිලිත් ජයවිර මහතා ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක් දැරිය යුතු බවයි.
එනිසා ඔහු සමග විවාදයක් තමන්ට නැති බවද හෙතෙම කියා සිටියේය.
දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
