gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තොණ්ඩමන් ඉන්දීය නිලියන් පහක් ගෙන්වා තෛපොන්ගල් සැපටම ගනී!

ජාතික තෛපොංගල් දින උත්සවයක් හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේදි (21) දින දකුණු ඉන්දියානු ජනප්‍රිය නිළියන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය , ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය , හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව , නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාව එක්ව ජාතික තෛපොංගල් දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා , ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය ආරම්භ කෙරිණ.

හැටන් නගර මධ්‍යයෙන් ජාතික තෛපොංගල් සැමරුම් උත්සවයට පැමිණි ආරාධිතයන්ව වතුකරයේ ජනතාව විසින් පිලිගෙන හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණය වෙත කැදවාගෙන ගොස් හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේදි ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය පැවැත්විණ.

මෙම ජාතික තෛපොංගල් දින උත්සවයේදි දමිල ජනතාව විසින් නැවුම් මුට්ටි වල කිරිබත් 1008 ක් පිලියෙල කල අතර , එයට සමගාමිය කෝලම් රටා සහ හින්දු සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කෙරිණ.

මෙම සැමරුම් උත්සවයට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ , නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාල්ස් මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

තෛපොංගල් සැමරුම් උත්සවයට දකුණු ඉන්දියානු සිනමා නිලියන් වන අයිෂ්චර්යා දතා , සංයුක්තා , මිනාච්චි , අයිෂ්වර්යා රාජේෂ් යන අය සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka