‘විශ්ව බුද්ධ’ ශාසනයෙන් නෙරපයි
‘විශ්ව බුද්ධ’ යන නමින් පෙනිසිටිමින් ශාසනයට විශාල හානියක් සිදුකරන ලදැයි කියන රත්නපුරේ විමලබුද්ධි නමැති භික්ෂුවගේ සාමනේරභාවය සහ උපාම්පදාභාවය අවලංගු කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමි විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත.
රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව පසුගිය දෙසැම්බර් 15වැනිදා රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත බව අදාළ ලිපියේ දැක්වේ.
ඒ අනුව, රත්නපුරේ විමලබුද්ධි භික්ෂුවගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයට අනුව අවලංගු වනු ඇත.
‘විශ්ව බුද්ධ’ ශාසනයෙන් නෙරපයි
2024-01-22T07:18:00+05:30
Gossip Lanka Hot News








