gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනිස් මොළයට චිපයක්

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කළ බව විදෙස් මාධ්‍ය පවසයි. ‘නියුරෝලිනික්’ සමාගම උත්සාහ ගන්නේ අනාගතයේ පරිගණක, ජංගම දුරකතන ඇතුළු යන්ත්‍ර සූත්‍ර, මිනිස් මොළය හා සම්බන්ධ කිරීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘නියුරෝලිනික්’ සමාගම මේ වනවිට විවිධාකාරයේ අත්හදා බැලීම් කරයි.

මිනිස් මොළයට පරිගණක චිපයක් බද්ද කිරීම සඳහා ‘නියුරෝලින්ක්’ සමාගම, ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ ද අනුමැතිය ලබා ගෙන තිබේ.

ඉලොන් මස්ක්ට අනුව, ‘නියුරෝලිනික්’ සමාගම මෙම චිපය නම් කර ඇත්තේ ‘ටෙලිපති’ යන නමිනි. චිපය නිර්මාණය කර ඇත්තේ අංශභංග තත්ත්වයට පත්වුණු පුද්ගලයන්ට ඔවුන්ගේ සිතුවිලි හරහා සමඟ විද්‍යුත් උපාංග පරිහරණය කිරීමට හැකි වන අයුරිනි.

චිපයේ සාර්ථකත්වය අනුව, මෙය අංශභංග තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට බද්ධ කිරීම ඉදිරියේ දී සිදුවනු ඇත.

මෙම චිපය අංශභංග තත්ත්වයට පත්වුණු පුද්ගලයන්ට ඔවුන්ගේ දෛනික කටයුතු පහසු කර දෙනු ඇතැයි තම විශ්වාසය යැයි ඉලොන් මස්ක් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(සී.එන්.එන්. ඇසුරිනි)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka