දේශබන්දු තෙන්නකෝන් මැතිණිය පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපති ලෙස වැඩ භාරගනී!
පොලිස් පවුල් සුබ සාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජයවර්ධන පසුගියදා කොළඹ 05 පිහිටි පොලිස් පවුල් සුබ සාධක සංගමයේ කාර්යාලයේ දී වැඩ භාරගත්තාය.
සහකාර පොලිස් අධිකාරී නිලයෙන් පහළ නිලයන්වල පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබ සාධන වගකීම මෙම සංගමයට හිමිවන අතර සංගමයේ ව්‍යවස්ථාව අනුව එම තනතුර හිමිවන්නේ පොලිස්පතිවරයාගේ බිරිය වෙතය.
පොලිස්පතිවරයාගේ බිරිය ලෙස පොලිසිය වෙනුවෙන් සම්ප්‍රදායිකව පැවරෙන සමාජ මෙහෙවර පොලිස් පවුල් සුබ සාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපති තනතුරට පත් වීමෙන් ප්‍රකාශ වේ.
දේශබන්දු තෙන්නකෝන් මැතිණිය පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපති ලෙස වැඩ භාරගනී!
2024-01-03T08:26:00+05:30
Gossip Lanka Hot News





