ඉන්දීය ආධාර යටතේ ඔටෝ ඩීසල් මිලදී ගැනීමේ දී කෝටි 170ක් වැඩිපුර ගෙවලා… විගණනය ගේම හෙළි කරයි!
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් ඉන්දියානු කෙටිකාලින ණය පහසුකම් යටතේ ඛනිජතෙල් මිලදි ගැනිමේ දි සාපේක්ෂව වැඩි සාමාන්‍ය අගයක් සහිත ලංකා සුපර් ඩිසල් වලට අදාල මිල පදනම යොදාගැනිම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.6ක් හෙවත් රුපියල් මිලියන 1669 (එකසිය හැට හය කෝටි අනූ ලක්ෂයක) වැඩිපුර වියදමක් දැරිමට සංස්ථාවට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
සංස්ථාව විසින් ඉන්දියානු කෙටිකාලින ණය පහසුකම් යටතේ අවස්ථා දෙකකදි ලංකා ඔටෝ ඩිසල් බැරල් 599,722ක් මිලදි ගෙන තිබුණි.
ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් ලංකා ඔටෝ ඩිසල් මිලදි ගැනීමේ දී මිල කිරිම සදහා සාපේක්ෂව වැඩි සාමාන්‍ය අගයක් සහිත ලංකා සුපර් ඩිසල්වලට අදාල මිල පදනම යොදාගැනීම හේතුවෙන් සංස්ථාවට මෙකි අතිරේක පිරිවැයක් දැරිමට සිදුවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත
ජාතික විගණන කාර්යාල විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සදහන් වේ..
ඉන්දීය ආධාර යටතේ ඔටෝ ඩීසල් මිලදී ගැනීමේ දී කෝටි 170ක් වැඩිපුර ගෙවලා… විගණනය ගේම හෙළි කරයි!
2024-01-02T19:59:00+05:30
Gossip Lanka Hot News





