gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණය ආසන්නයේ හූති කැරලිකරුවන් හරහා කුමන්ත්‍රණයක්?

රට ආර්ථික වශයෙන් අර්බුදයකට පත්ව ඇති මොහොතක රතු මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් යුද නෞකා යැවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

රතු මුහුද අයත් කලාපයේ පකිස්ථානය , බංග්ලාදේශය , ඉන්දියාව වැනි රටවල් තිබෙන බවත් ඉන්දියාව වැනි රටවලට හූති කැරලි කරුවන්ට එරෙහිව මුහුණ දීමට හැකි යුධ ශක්තිය පවතින බවත් එවැනි ශක්තියක් තිබෙන ඔවුන් නිශ්ශබ්දව සිටින බවත් ලංකාවේ යුද නැව් වලට හූති කැරලි කරුවන් සමඟ යුද්ධ කරන්න තරම් දියුණු තාක්ෂණයක් සහ ශක්තියක් නොමැති බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාව ආකර්ශනය කර ගැනීම සඳහා පලස්තීනය පිළිබඳ කතා කළ බවත් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය විවේඡනය කළ බවත් නමුත් අදවනවිට ජනාධිපතිවරයා ඊශ්‍රායලය ආරක්ෂා කරන වැඩපිළිවෙලක ගමන් කරන බවත් ඊශ්‍රායලය ආරක්ෂා කරන්නේ ඇමැරිකාවේ බලපෑම මතද නැතිනම් වෙනත් සැගවුණු දේශපාලන අරමුණු මතද යන්න සැකය මතුවන බවත් මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

ශෘහ සේවිකාවන් ලෙස සේවය කිරිමට ජෝර්දානයට ගොස් ලාංකික කාන්තාවන් 250 ක් සිරවී සිටින බවත් ඔවුන් ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යෑමට ලංකාව අපොහොසත් වී ඇති බවත් නමුත් රුපියල් මිලියන 250 ක් වියදම් කර හූති කැරලි කරුවන්ට විරුද්ධව සටන් කරන්න රතු මුහුදට නැව් යවන්න මුදල් තිබෙන බවත් ජනාධිපතිවරණය පැවැත්වීමට තිබෙන කාල වකවානුව තුළ හූති කැරලිකරුවන් සම්බන්ධ කරගෙන කුමක් හෝ කුමන්ත්‍රණයක් දියත් කරන්න ආණ්ඩුව උත්සහ නිරතවෙනවාදැයි ද සැකයක් ඇති වී තිබෙන බවත් මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka