gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද ආ වෙඩින් එකේ පහරදීම සඟවන්න එපැයි ෂැන්ග්‍රිලා හෝටලයට නියෝග!

විවාහ උත්ස­ව­යක සිදුවූ පහ­ර­දී­ම­කට අදාළ සීසී­ටීවී නිකුත් කර­න්නැයි කොළඹ තරු පන්තියේ හෝටලයක් වන ෂැන්ග්‍රිලා හෝට­ල­යට උසාවියට නියෝග කරනු ලැබූ සිදුවීමක් වාර්තා වේ.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් කොළඹ ෂැංග්‍රිලා හෝට­ලයේ පැවැති විවාහ උත්ස­ව­ය­කදී සිදු වූ බව කියන මෙම පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් සීසී­ටීවී දර්ශන හෝටලය ඉදිරිපත් කර තිබුනේ නැති අතර ඒවා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (08) නියෝග කළේය.

පසු­ගිය වසරේ ජන­වාරි මස 09 වනදා හිටපු ජනා­ධි­ප­ති­ව­රයා විවා­හය වෙනු­වෙන් අස්සන් කිරී­මට කොළඹ ෂැංග්‍රිලා හෝට­ල­ය­කට එක් වූ අව­ස්ථාවේ ව්‍යාපා­රි­ක­යකු වන බ්‍රිතාන්‍ය ජාතික ජෙරම් වේල්ස් යන අය­කුට වීදුරු බෝත­ල­ය­කින් හිසට පහ­ර­දී­ම­කට අදාළ සීසී­ටීවී දර්ශන එම හෝට­ලය ලබා නොදෙන්නේ නම් අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක් අයැ­දින ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා කොටුව පොලී­සි­යට නියෝග කළේය.

ඇප කොන්දේසි කඩ කර­මින් අධි­ක­ර­ණය මග­හැර සිටි හය­වන සැක­කරු ලෝචන ගිරි­හා­ගම යන අය වෙනු­වෙන් අධි­ක­ර­ණය නියම කර තිබූ රුපි­යල් ලක්ෂ පහක ඇපය රාජ­ස­න්තක කරන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එය නොගෙ­වන්නේ නම් මාස හයක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම් නියම කළ අතර, ඇප මුදල තැන්පත් කළ පසු ඇප­කරු මුදා­හ­රින ලෙස නියෝග කළේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මෙන් අන­තු­රුව ඇප මත මුදා හරින ලද සංචන ෂේක්, අවිෂ්ක ෂේක්, ආකේෂ් ඒක­නා­යක සහ උමේෂ් සම­ර­සිංහ යන අය අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

පාස්කු දා ප්‍රහා­ර­යක් පවා එල්ල වූ ෂැංග්‍රිලා හෝට­ලයේ සීසී­ටීවී දර්ශන ලබා නොදීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල වෙනු­වෙන් කරණු දැක්වූ නීතිඥ අමල් රන්දෙ­ණිය මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කළේය.

පැමි­ණිල්ල ඉදි­රි­පත් කළ රුවිනි වේල්ස් සහ පහ­ර­කෑ­මට ලක් වූ ජෙරම් වේල්ස් යන අය අධි­ක­ර­ණයේ පෙනී සිටි අතර, කොටුව පොලි­සිය පැමි­ණිල්ල මෙහෙ­ය­වීය.

සුභා­ෂිණී සේනා­නා­යක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka