gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කහතුඩුවේ සිවිල් ගුවන් සේවිකාවගේ ඝාතකයා රටින් පිටවීමට යද්දී ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට… ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරයෙක්!

ඊයේ (10)  කහතුඩුව කහතුඩුව අධිවේගී පිටවීම අසල ප්‍රධාන මාර්ගය අසලදී ඝාතනයට ලක් වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නියුතු සේවිකාවගේ ඝාතකයා එදිනම විදේශගත වීමට උත්සාහ කරද්දී  ගුවන් තොටුපල පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඝාතනය කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේම විදේශ රටක් බලා ගමන් කිරීමට කටුනාකය ගුවන්තොටුපල වෙත පැමිණ සිටිය දී රාත්‍රී 10.35ට පමණ මෙසේ පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.

ඝාතනයට ලක් වන්නේ  කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිකුතු 41 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ නැමැති එක් දරු මවකි.

ඇයව ඝාතනය කර තිබුණේ එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නැමැති කොළඹ ප්‍රසිද්ධ බම්බලපිටියේ  වෙළෙඳ සංකීර්ණයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වීසා උපදේශන සේවාවක් ලබා දෙන පුද්ගලයෙකි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි යන අයගේ වැඩිමහල් සහෝදරයා බව ද විමර්ශන අංශ කියයි.

සිද්ධිය වාර්තා වූ වහාම ක්‍රියාත්මක වු පොලිසිය   අධිකරණයට කරණු වාර්තා කර සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ගෙන ගුවන්තොටුපොල නිළධාරීන් දැනුවත් කර තිබීම නිසා සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka