gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්දුල ඇමැතිතුමා ඔබතුමා ‘ටින්’ එක ගත්තද? මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට බන්දුල හිනාවෙවී දීපු උත්තරේ! (VIDEO)

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබා නොගත්තා යැයි කියා කිසිවකුට නඩු පැවරීම් හෝ අධිකරණයට යොමු කිරීම් ආදිය පිළිබඳ කිසිදු තීන්දුවක් ගෙන නැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ සඳහා කාලය දී ඇති බවත් අවිධිමත්ව තිබුණු ක්‍රමවේදයක් විධිමත් ක්‍රමයකට ගෙන ඒම එක් රැයකින් කළ නොහැකි බවත් හෙතෙම කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන විට යම් කාලයක් ගතවන හෙයින් මුල් අවදියේදී ගැටලු මතුවන බවත් තමන්ට TIN අංකයක් නොලැබුණහොත්, පළාත් දේශීය ආදායම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දිය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

මේ වන විට බොහෝ දෙනකු TIN අංකය ලබා ගැනීමට පෙලඹීම හොඳ තත්ත්වයක් වන නමුත් එකවර බොහෝ පිරිසක් තාක්ෂණික පද්ධතියට දත්ත ඇතුළු කිරීම සඳහා ඇතුළුවීමට උත්සාහ කරන විට එහි යම් ප්‍රමාදයන් සිදු විය හැකි බවත් එම තත්ත්වයන් කෙටිකලකදී නිම විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

කෙසේවුවද TIN අංකය ලබා ගන්නා සියලු දෙනාමත් බදු ගෙවිය යුතු නොවන අතර එම බද්දට යටත් වන සීමාවේ සිටින අයවලුන් පමණක් බදු ගෙවිය යුතු වන බව ඒ මහතා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka