අපට අවාසිදායක තත්වයකදී මෝඩ කමට මැතිවරණ තියන්නෑ.. 100%ක්ම අපට වාසිනම් තමයි තියන්නේ - ඇමති නලින් ප්‍රනාන්දු
2024 මැතිවරණ වසරක් යැයි ඇතැමුන් පැවසුවත් මැද ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන්නේ ආණ්ඩුව සියයට සීයක්ම සාර්ථක වූ පසුව බව පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අවාසි සහගත තත්ත්වයක් තුළ ආණ්ඩුව මැතිවරණයකට නොයන බවද හෙතෙම ජාඇල පිහිටි ඔහුගේ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
‘ඊළඟ, ජනපතිවරණයක් හෝ මහා මැතිවරණයක් තියනවා නම් මේ රටට නිසි ආර්ථික අඩිතාලමක් දාලා තමයි අපි ඒ මැතිවරණයට යන්නේ. නැතිව මෝඩ කමට අපිට අවාසිදායක තත්වයක් තියෙද්දී මැතිවරණයකට යන්නේ නෑ. අපිට වාසි දායක තත්ත්වයක් රට තුළ 100% ක් ඇති කරලා තමයි මැතිවරණයකට යන්නේ. ජනතාවට කියන්න කතා කරලා කියන්න පුළුවන් වැඩපිළිවළක් සමග අපි ඉදිරියේදී ජනතාව අතරට යනවා. එය සන්ධාන ගතව සිදු වෙන්න පුළුවන්’
අපට අවාසිදායක තත්වයකදී මෝඩ කමට මැතිවරණ තියන්නෑ.. 100%ක්ම අපට වාසිනම් තමයි තියන්නේ - ඇමති නලින් ප්‍රනාන්දු
2024-01-02T10:11:00+05:30
Gossip Lanka Hot News





