gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවෙන් අප්‍රේල්වල මහ මැතිවරණයක් ඉල්ලන්න යයි

ලබන අප්‍රේල් මාසයේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මහ මැතිවරණයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් (පොහොට්ටුව) මේ මාසයේදී (ජනවාරි) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමටත්, එය සම්මතකර ගැනීමටත් සූදානම්වන බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර මේ සඳහා යහපත් ප්‍රතිඵයක් නොලැබුණ හොත් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සූදානම් වන බවද පැවසේ.

දැනට අමාත්‍ය ධූර දරණ හා නොදරණ ප්‍රබලයන් කිහිපදෙනෙකු ජනතා මතය උරගා බැලිය යුතු බවට කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵළයක් ලෙස මෙය සිදු කිරීමට නියමිත බවද පැවසේ.

අදාළ මතය මත පොදු ජන එක්සත් පෙරමුණ ඉදිරි ජනපතිවරණයේදී තනිව තරඟ කරන්නේද, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන්නේද යන්න තීරණය කිරීමට නියමිත බවද පැවසේ.

මේ අතර, එම පක්ෂයේ මූල්‍යමය තත්ත්වය පිරිහී ඇති බැවින් රාජපක්ෂ කෙනෙකු නොවන ජනාධිපතිවරණයට මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයකු සොයාගත යුතු බවට ද මතයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, කුඩු සල්ලිකාරයින්ගේ මුදල් වලින් ජනාධිපතිවරණ කිරීමට සැරසෙන අයකු සිය අපේක්ෂකයා කිරීම ඉදිරියේ රාජපක්ෂ කෙනෙකුට ජනාධිපති ධූරයට පත්වීමට ඇති ඉඩ සම්පූර්ණයෙන් ඇහිරෙනු ඇති බව කියමින්, රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් එවැනි අපේක්ෂකයකුට තමා විරුද්ධ බව මේවන විටත් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

මැතිවරණයකට යන්නේ ආණ්ඩුව සියයට සියයක්ම සාර්ථක වූ පසුවයි – නලින් 

මේ අතර, එම පක්ෂයේ සාමාජිකයකු වන පාරිභෝගික වෙළෙඳ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ මෙය මැතිවරණ වසරක් බව ඇතැමුන් පැවසුවත් ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට යන්නේ ආණ්ඩුව සියයට සියයක්ම සාර්ථක වූ පසුව බවයි.

අවාසි සහගත තත්ත්වයක් තුළ ආණ්ඩුව මැතිවරණයකට නොයන බවත් ඔහු කියා සිටී.

ජාඇල දඬුගම පිහිටි ඔහුගේ කාර්යාලයයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසූ බව එහි දැක්වේ.
“අපි අලුත් වැඩපිළිවෙළක්, අලුත් සන්ධානයක් යටතේ තමයි ඉදිරියේ දී මැතිවරණයකට යන්නේ. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි නායකයකු සමග පමණයි කාට වුණත් ඉදිරියේදී මැතිවරණයකට යන්න වෙන්නේ. ජීවිතයට ආණ්ඩුවක් කරලා නැති අය, ආණ්ඩුවක යහපත් වැඩපිළිවෙළකට සහයක් ලබා නොදීපු අය, ආණ්ඩු කරලා පැරදිලා ආපහු එන්න හදන අය මේ සියලුම දෙනා දේශපාලනය තුළ ඉන්නවා. රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ රටේ ඉදිරි වැඩපිළිවෙළක් ගැන තේරෙන කෙනකු නායකයකු බවට පත් කර ගන්න. ටැක්ස් වැඩි කිරීම, බදු අයකිරීම නායකයකුගේ වරදක් කියනවා නම් එය රටේ ජනතාව හරියට තේරුම් නොගත්ත දෙයක්. බදු අයකරනවා කියන්නේ එය තමයි රටේ උන්නතිය උදෙසා ආණ්ඩුවක් යොදවන්නේ. නැත්නම් ඒවා අපගේ පෞද්ගලික දෙයක් නෙමෙයි.
නමුත් රටේ ජනතාවට අයිතියක් තියනවා මෙම බදු ආණ්ඩුව කොහොමද පාවිච්චි කරන්නේ කියලා ප්‍රශ්න කරන්න. එය වැරදියට රටේ අනාගතය වෙනුවෙන් නෙමෙයි නම් වැය කරන්නේ අන්න එතකොට ආණ්ඩුව ගැන ප්‍රශ්න කරන්න ජනතාවට අයිතිය තියනවා. රටේ ජනතාවගේ සල්ලි දේශපාලන වාසි ගන්න හෝ ඉදිරි මැතිවරණයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ආණ්ඩුවට විරුද්ධ වෙන්න ජනතාවට පුළුවන්. එහෙම නැතිව රටේ බදු ගහන එක වැරදියි කියලා ජනතාව අතර මතයක් හදනවා නම් එය රටට කරන දෝහිකමක්.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka