Exclusive : බෙලිඅත්ත ඝාතනයේ ප‍්‍රධානියා අත්අඩංගුවට.. ඔහු සමන් කුමාර.. (Photos)
22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවට අනාවරණයවී ඇත.
මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
Exclusive : බෙලිඅත්ත ඝාතනයේ ප‍්‍රධානියා අත්අඩංගුවට.. ඔහු සමන් කුමාර.. (Photos)
2024-01-24T14:13:00+05:30
Gossip Lanka Hot News








