gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“බුද්ධාගම විනාශ කරන්න පර බල්ලෙක් ඇවිල්ලා – මම උඹව හොයාගෙන ඇවිල්ලා අල්ලලා බැඳගෙන බිම දිගේ ඇදගෙන එනවා” – මර්වින් මහින්ද කොඩිතුවක්කුට සුද්ද සිංහලෙන්ම අමතයි

අද බුදු දහම කෙලෙසන්න විවිධ බලවේග ඉදිරියට එන බවත් බෝධිසත්ව කියල එකෙක් කැලණියටත් ඇවිල්ලා තියෙන බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

ඊයේ (13) මල්වතු විහාරයේදී මල්වතු අනු නාහිමි පූජ්‍ය දිඹුල්කුඹුරේ නාහිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කර සිටියා.                          

“මම හිටියනම් ඌව බැඳලා කුදලගෙන මල්වතු අස්ගිරි විහාරවලට ගෙනල්ලා සමාව ගනින් කියනවා. මම කියලා තියෙන්නේ මට ඌ අහුවුනොත් බැඳලා පාර දිගේ ඇදගෙන යනවා. මේ මිස දුටුවන්ගේන් බුද්ධාගම බේරගන්න මහා සංඝරත්නය පෙරට ආ යුතුයි. අපිත් ඒ සමඟ ඉන්නවා. මේ දුෂ්ඨපාලකයෝ පලවා හරින්න ලක්ෂ ගණන් දස ලක්ෂ ගණන් පාරට බැසිය යුතුයි. ඒ අය සමග අපි ඉන්නවා.” යනුවෙන්ද සඳහන් කළා.

ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක, සිරිමාවෝ හැරුණු කොට යුතුයි මේ රටට, ජනතාවට ආදරය කළ  කිසිදු දේශපාලඥයෙක් නොසිටි බව මර්වින් සිල්වා මහතා සඳහන් කරනවා. 

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මර්වින් සිල්වා,

“මම ඉහත කියූ නායකයන්ගෙන් පසු රට පාලනය කළ හැමෝම සිදු කළේ හොඳින් හෝ නරකින් හරි මුදල් හම්බ කිරීමයි, ඥාති සංග්‍රහයයි විතරයි. මේ කිසි කෙනෙකුට රට හැදීමේ අවංක චේතනාවක් තිබුණේ නෑ. මේ අය එක්ක දේශපාලනය කරලා එකට ඉන්න බැරි නිසයි මම ඉවත් වුණේ. අද රනිල්, රාජපක්ෂ යුගලය එකතුවෙලා රට විකුණන්න, වෙන්දේසි කරන්න අවශ්‍ය සියලු දේ කරලා ඉවරයි. සජිත් කියන පුද්ගලයාට කවදාක්වත් රටක් පාලනය කරන්න බෑ. ඒවගේම තමයි අනුර දිසානායකත් චන්ද්‍රිකාගේ කාලේ ඇමතිකම හරියට කරන්න බැරි වුනු මිනිහා රටක් පාලනය කරයිද. අපි දැන් සන්ධානයක් හදලා මේ රට බාර දෙන්න සුදුසු අවංක පුද්ගලයෙක් හොයනවා.

අද ජනාධිපති අපේක්ෂකයෝ පඳුරු ගානේ ඉන්නවා. මම ජනාධිපති කමට ඉල්ලන්නේ නෑ. අපි සුදුසු කෙනෙක් හොයනවා. ධම්මික පෙරේරාට මන්ත්‍රීකම දෙන්න බැසිල් රාජපක්ෂ රුපියල් බිලියනයක් පගාව ගත්තා. දැන් ඔහුට ජනාධිපති අපේක්ෂකකම දෙන්න  රුපියල් බිලියන 10 ක් ඉල්ලනවා.  ඔහොම තමයි වැඩ වෙන්නේ. පාර්ලිමේන්තුවේ 225 අතර අවංක බොහෝම සුළු පිරිසක් ඉන්නවා. ඒ අයටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා මම කියනවා. රාජපක්ෂලා කියන්නේ හොරු. මේ අයගේ සල්ලි තියෙන්නේ උගන්ඩාවේ සහ සීෂෙල්ස් දූපත්වල. ජනතාවට උහුලන්න බැරි බදුබර දීලා මුන් එකතුවෙලා නැව්වල පාටි දානවා. නැව් වල පාටි දාන්න නෙවෙයි තියෙන්නේ. මුන් සේරම නැවක දාලා  මේ රටින් පිටමන් කරන්නයි තියෙන්නේ. මහ බැංකු මංකොල්ලයට ඉඩ දී  නිහඬව හිටපු රනිල් අද ජනතාවට වැට් ගහනවා. රනිල් ලෝකය වටේ රවුම් ගහනවා. අද රටේ ජනතාව නොමැරී මැරි මැරී තමයි ජීවත් වෙන්නේ. ළමයෙක් පාසලකට යවන්න විදියක් නෑ. කන්න බොන්න විදිහක් නෑ. නමුත් පාලකයෝ සුරසැප විඳිනවා. මේ ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka