gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් තේරීම් කමිටුව රූකඩයක් වෙයි! හිටපු ඇමැති කෙනෙකුගෙනුත් බලපෑම්!

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවති එක් දින තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී තේරීම් කමිටුවට ඉහළින් බලපෑම් සිදුව ඇතැයි වාර්තා වේ. මේ අනුව හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කළ උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව වැඩ පටන් ගනිද්දීම රූකඩයන් පිරිසක් බවට පත්ව තිබේ.

එක් දින තරගාවලියේ ප්‍රථම තරගයට හිටපු නායක දසුන් ශානකව නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණත් මේ වන විට විපක්ෂයේ සිටින හිටපු ක්‍රීඩා ඇමතිවරයකුගේ බලපෑමක් මත ඔහුව අවසාන මොහොතේ කණ්ඩායමට එක් කර තිබිණ.

එම තරගයේදීද දසුන් අසාර්ථක වුවත් එම බලපෑම මත දෙවෙනි තරගයටද ඔහුව නම් කරන ලදී. එම තරගයේද අසාර්ථක වීම හේතුවෙන් ඇතිවූ පීඩනය හේතුවෙන් ඔහුව තෙවෙනි තරගයෙන් ඉවත්කරන්නට යෙදිණ. මුල් තරගයට ක්‍රීඩා නොකළ වනිදු හසරංග දෙවෙනි තරගයට කැඳවා තිබුණු අතර තරගයට කලින් දින අවසන් 11 දෙනාටද නම් කර තිබිණ.

මේ අනුව තරගයට ක්‍රීඩා කිරීමට සූදානම්ව පැමිණි වනිදුට තරගය දින උදේ 11 ට පමණ ඔහු තරගයෙන් ඉවත් කර තිබුණු බව දැන ගන්නට ලැබීම නිසා කෝපයට පත්ව සියල්ලටම බැණ වැදී ආපසු ගොස් තිබේ.

මෙහිදීද සිදුව ඇත්තේ තේරීම් කමිටුවට ඉහළින් වූ උපදේශකයකුගේ බලපෑමකි. කෙසේ වෙතත් අවසන් තරගයේ ක්‍රීඩා කළ වනිදු කඩුළු හතක් බිඳ හෙළා තරගයේ වීරයා බවටද පත් විය.

තේරීම් කමිටු සභාපති ලෙස පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියෙක් ඔහු රූකඩයක් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසුවත් ප්‍රථම තරගාවලියේදීම රූකඩයක් බවට පත් වීමට උපුල්ට සිදුවී ඇත.

ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka