gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරා ලංකා තාඹුගල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හමුවෙන්න අනුරාධපුර බන්ධනාගාරයට හෙලිකොප්ටරයෙන් ඇවිල්ලා!

වෛද්‍ය විරංජිත් තාඹුගල නැමැත්තා අනුරාධපුර බන්ධනාගාරයට, පුද්ගලික හෙලිකොප්ටරයකින් ගොස් ඇති බවත්, එහි දී අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග රහස් සාකච්ඡාවක් සිදු කර ඇති බවත් ඒ පිළිබඳ සියලු තොරතුරු කඩිනමින් රටට හෙළි කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සමාජ ක්‍රියාකාරී දුලාන් සේනාධීර මහතා ඉල්ලා සිටිනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පවසන්නේ, ඉකුත් 11 වැනි දා පෙරවරුවේ දී අනුරාධපුර බන්ධනාගාරය ඇතුළත ක්‍රීඩාංගණයට විරංජිත් තාඹුගල නමැති තැනැත්තා සිය පෞද්ගලික හෙලිකොප්ටරයකින් පැමිණ එම බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය සැකකරුවන් කිහිප දෙනෙකු සමග රහස් සාකච්ඡාවක් සිදු කර ඇති බවත්, මේ සඳහා අනුරාධපුර පොලිසියේ සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා ද එක්ව ඇති බවයි.

මේ පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත්, ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී පවසනවා.

එහි දී සේනාධීර මහතා පවසන්නේ, ඉතිහාසයේ සිට මේ දක්වා රටේ ජනාධිපතිවරයකුවත් හෙලිකොප්ටරයකින් බන්ධනාගාරයට ගොස් නැති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මෙවැනි රහස් සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් හා වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka