පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන මහින්දානන්ද හෙළිකරයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ මතය වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදීත් වත්මන් ජනාධිපතිවරයාටම සහාය දීම බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
දැනට එම පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු නම්කර නොමැති බවද හෙතෙම කියා සිටියා.
වත්මන් ජනාධිපතිවරයා යටතේ 70%තිබු උද්ධමන වේගය 5% දක්වා අඩුවී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
එපමණක්ද නොව වත්මන් ජනාධිපතිවරයාගෙන් ඇමතිකමක් ඉල්ලීමට නොගියේ තමන් පමණක් බවත් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නොවන බවත් අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන මහින්දානන්ද හෙළිකරයි!
2024-01-22T12:16:00+05:30
Gossip Lanka Hot News






