gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරාපිටියේ කුමන්ත්‍රණයක් – රිමාන්ඩ් කළ දොස්තර පපුවේ අමාරුවක් කියා පිළිකා දැඩි සත්කාර ඒකකයේ ඇඩ්මිට් වෙලා!

විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධ ගැටළුවක් පදනම් කරගනිමින් කරාපිටිය රෝහලේ සිදුවෙන්නේ සැලසුම්සහගත කුමන්ත්‍රණයක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ, මෙරට කිසිදු පිළිකා රෝහලක සිය වෘත්තීය සමිති වර්ජනය නොකළ බවත්, කරාපිටිය රෝහලේ සේවය සැපැයීමට ගිය කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය එළවා දමමින් වර්ජනයක් නිර්මාණය කරගත් බවයි. එය රෝහල් පරිපාලනයේ අවශ්‍යතාව මත සිදුවූවක් බවද හෙතෙම පෙන්වාදෙයි.

“වර්ජනයෙන් පස්සේ පැය 24කින් රාජකාරියට වාර්තා කිරීම, ඔවුන්ගේ සැලසුම්වලට බාධාවක් වුණා. රාජකාරියට නැවත පැමිණි කාර්‍ය මණ්ඩලය එළෙව්වේ ගැටුමක් හදාගන්න. ඒකත් සමථයකට පත්කර ගන්න අපි මැදිහත් වුණා.

බීලා ගමේ චන්ඩි එක්ක ඇවිල්ලා ට්‍රොලියක ලෙඩෙක් ගෙනියන කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකුට එළවා එළවා පහරදෙද්දීත් ඔවුන් ගැටුමකට යන්නේ නෑ. කාන්තාවට ගහනවා. පිරිමි සේවකයා බේරෙන්නේ දුවලා. ප්‍රතිප්‍රහාර දෙන්නේ නැත්තේ ගැටුමක් ඔවුන් සැලසුම් කරලා කියලා තේරුණු නිසා.

දැන් ඔවුන් හදන්නේ උසාවිය නොමග යවන්න. මේක අධිකරණයට කරන අනියම් අපහාසයක්. ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ අධිකරණය මිස අපි නෙවෙයි. ඔහු ඉන්නේ ඔහුගේම දැඩි සත්කාර ඒකකයේ. හෘදයාබාධ ඇති කෙනෙක් පිළිකා දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ කොහොමද? රටේ නීතිය විහිළුවක් කරගෙන.

කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ කාන්තාවන් අත් අඩංගුවට ගන්නේ රෑ 09ට. පැමිණිල්ලක් නෑ නිශ්චිත වරදක් නෑ. කටඋත්තරයක් අරං නෑ. පැමිණිලි කාරයෝ සහ වින්දිතයන් හිරකරලා තමයි කරාපිටිය පොලිසිය සාධාරණය ඉටුකරන්න හදන්නේ.” යැයි රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka