gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඖෂධ ජාවාරමට ප‍්‍රශ්ණ කරන්න පෙර කෙහෙලියගේ සමීප දොස්තර රටින් පැනලා!

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා දුන් කට උත්තරයට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය එක්ක කෙහෙලිය රඹුක්වැල්ලගෙන් වහාම රහස් පොලිසිය ප්‍රශ්න කළ යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එමෙන්ම මෙම ගනුදෙනුවට සම්බන්ධ රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ සමීප වෛද්‍යවරයෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනුයුක්ත සිටි බවත් ඔහු මේ වන විට රට පැන ගොස් ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව වහාම ඔහු මෙරටට ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවද හෙතෙම පැවසීය.

අදාළ ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ දේශපාලකයා අතට ගිය පසු කෙහෙළියගේ පැත්තවත් නොබලන බවද ඔහු කියා සිටියේය.

දැනට පෙනී යන්නේ දේශපාලනඥයන් ආරක්ෂා කරන නිලධාරීන් මත වරද පටවන ආකාරයට පරීක්ෂණ සිදුවෙමින් යන බවද බව යයි ද ඔහු තවදුරටත් පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka