චාමරව දැඩි සත්කාර ඒකකයේ කෘත්‍රිම ස්වසන යන්ත්‍රවලින් ගලවයි! උගුරේ ඔපරේෂන් එකක් කරලාද? ආයෙමත් සිංදු කියන්න බැරිවෙයිද? වෛද්‍යවරු කියන අලුත්ම කතාව මෙන්න! VIDEO
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව භාජනය නොකෙරුණු බවය.
නමුත් ඔහුගේ හඬ ට යම් විවේකයක් අවශ්‍ය බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා තවදුරටත් පැවසීය.
“ජනප්‍රිය ගායක චාමර වීරසිංහ කෘතිම ශ්වසන ආධාරකවලින් තොරව දැන් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදුකරනවා. නමුත් ඔහුව තවදුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ගනිමින් දැඩි නිරීක්ෂණයක නිරතවෙමින් සිටිනවා. සමස්තයක් ලෙස කියන්න පුළුවන් වෙන්නේ ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරී තිබෙනවා.”
“අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔහුව උගුරේ ශල්‍යකර්මයකට භාජනය කෙරුණේ නැහැ. නමුත් ඔහුගේ හඬ යථා තත්ත්වයට පත්වෙන්න ටික කාලයක් ගතවෙයි. ඒ නිසා ඔහුගේ හඬට විවේකයක් අවශ්‍යයි. මාස 4ක් 5ක් විතර යනකොට ඔහුට නැවත ගායන ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාව ලැබෙයි. තවත් නොබෝ දිනකින් ඔහු සියයට සියයක් සුව අතට පත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
චාමරව දැඩි සත්කාර ඒකකයේ කෘත්‍රිම ස්වසන යන්ත්‍රවලින් ගලවයි! උගුරේ ඔපරේෂන් එකක් කරලාද? ආයෙමත් සිංදු කියන්න බැරිවෙයිද? වෛද්‍යවරු කියන අලුත්ම කතාව මෙන්න! VIDEO
2024-01-03T15:47:00+05:30
Gossip Lanka Hot News





