gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලන්සායි-අනුර යාපායි-ප්‍රියංකරයි රනිල්ට සහාය දක්වමින් රාජගිරි කාර්යාලයේ ජනාධිපතිවරණ සටන අරඹයි! (PHOTOS)

2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා,

“මේ වර්ෂයේ අනිවාර්යෙන් මැතිවරණයක් පැවැත්විය යුතු අතර එය ජනාධිපතිවරණය විය යුතුයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍යනම් පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණය වුනත් පවත්වන්න පුලුවන්. විපක්ෂයේ මතය පාර්ලිමේන්තු මැතිවරණය කැඳවයි කියලා. මගේ මතය වන්නේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳවයි කියන එකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරලා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය නොකරන සහ අනෙකුත් දේශපාලන පක්ෂ එක්ක තරග කරලා ඒවා නියෝජනය නොකරන 71 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. 71 දෙනාම දැනට ඒ පක්ෂ නියෝජනය කරන්නේ නැහැ. ඒ 71 දෙනා නියෝජනය කරමින් තමා නව සන්ධානය බිහි කරන්න පාර්ලිමේන්තුව තුළ නව කතිකාවක් ආරම්භ කළේ. අපිට පුලුවන් වෙනවා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම පක්ෂ සහිත සන්ධානය අපට හදන්න.

අද ඉදන් නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරනවා. ජනාධිපතවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් ලෙස ජනාධිපතිතුමාට සහය දක්වන්න, ශක්තිමත් කණ්ඩායමක් විදියට වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම ජයග්‍රහණය කළා. අපි කරන්න එපා කියපු දේවල් කරන්න ගිහින් සමහර නායකයන්ට පරාජය වැලඳගන්න සිදුවුනා. අපි කියපු දේවල් කරපු අය ක්‍රමක් ක්‍රමායෙන් උඩට ආවා. සත්‍ය අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන, ඇත්ත බොරුව අතර මැතිවරණයක් එනවා. ඕනෑම පක්ෂයකට අරවා දෙනවා, මේවා දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ. සල්ලි ගස් වලින් කඩන්නත් බැහැ. මවන්නත් බැහැ. අද ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා. මිනිස්සු බනිනවා කියලා ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් දන්නවා. මිනිස්සු කොච්චර බැන්නත් මේ සත්‍ය, ඇත්ත, යථාර්ථය මිනිස්සුන්ට කියන්න ඕනේ. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා ජනතාවට ඇත්ත කියන්න. කයියනායකලට කයිවාරු ගහන්න පුලුවන්. බොරු කියන්න පුලුවන්. ඕන දෙයක් දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ.

එහිදී අදහස් දැක්වූ නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා,

“දේශපාලනය අද ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි වමේ කඳවුරක් හැටියට 1994 ඉදලා ගිය අවුරුද්දේ මැයි 9 වෙනකන් ආණ්ඩු කළා. අපි විශාල බලවේගයක් මේ රටේ නිර්මාණය කළා. විශාල වැඩ කොටසක් මේ රටේ ඇති කෙරුවා. විශාල පරම්පරාවක් අලුතින් දේශපාලනයට ගේනාවා. ඒ අයට යම් යම් තනතුරු ලැබුනා. අපේම ජනාධිපතිවරු හතර පස් සැරයක් පත් කරන්න පුලුවන් වුනා. නමුත් අවසානයේදී අද්දැකීම් අඩු, නොතේරෙන, දේශපාලනය කියන්නේ මොකක්ද කියලා වැඩිය අදුරන්නේ නැති එක්කෙනෙක් නිසා අපේ මුළු දේශපාලනයම විනාශ වුනා.

අපේ දිස්ත්‍රික්ක වල ජනතාව අවුරුදු හතලිහක් උදව් කරලා තියෙනවා මගේ දේශපාලනයට. දේශපාලන පෙළේ ඉන්න මේ පිරිස මට හත් වතාවක් පාර්ලිමේන්තුවට එන්න උදව් කරලා තියෙනවා. ඒ අය දාලා, වාසි තකා හෝ වෙනයම් කාරණයකට මට යන්න අමාරුයි. මට අමාත්‍යධූරයක් ඇති කරනකොටත් කිව්වා ඒක අපි භාර ගන්නේ නැහැ කියලා. අපි එහෙම කිව්වේ අපේ ජනතාවට අව්‍යාජව පෙනී සිටින්න ඕනේ කියලා කල්පනා කරපු නිසා. අපිට නායකත්වය දුන්න, අපිට උදව් කරපු අයට අවංක වෙන්න ඕන නිසා. තනතුරු විතරක් හොබවලා ජනතාවගෙන් ඈත් වෙන්න අපට ඕන කමක් තිබනේ නැහැ.

මෙම අවස්ථාවට නව සන්ධාන මෙහෙයුම් කාර්යාල ප්‍රධානී සිරිපාල අමරසිංහ, වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුලු සහය දක්වන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වී සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka