gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

2024 දෙවැනි දේශපාලන පෙරළියත් වෙයි! ජී.එල්.-ශාන් ලාල්-ඩිලාන් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙයි!

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමඟ එක්විය.

ෂාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරයත් සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වයත් අද දින ලබා ගත් අතර ඉන් පසුව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට ෂාන් විජයලාල් ද සිල්වා මහතා , මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා , ඩිලාන් පෙරේරා මහතා සහභාගි වූහ.


එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා,

‘‘මම සමගි ජනබලවේගය සමඟ එකතු වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇතිවූ ගැටලුවක් නිසා නෙවෙයි. රට වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යය භාරය පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා.

2024 ආරම්භයේදී රට ගොඩගැනීමේ වැඩපිළිවෙලට ප්‍රවේශයක් ලබාදෙන්න පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙන්න ඕන නිසා. 

රටේ තිබෙන දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කරන්න ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයේදී අපි ජනතාව දිනවිය යුතුයි. ඒ නිසා වැඩිම ජන බලවේගයක් තිබෙන ප්‍රබල දේශපාලන ප්‍රවාහය වන සමගි ජනබලවේගය සමග එකතු වීමට තීරණය කළේ.

වර්තමාන ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට වඩා වෙනස් වුණ වැඩපිළිවෙලක් ජනතාව දිනවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න අපි සූදානම්. වර්තමාන ආණ්ඩුවට රටේ තිබෙන ආර්ථික ගැටලුවලට විසදුමක් ලබාදෙන්න කිසිදු අවශ්‍යතාවයක් සහ වැඩපිලිවෙලක් නෑ. අපනය ආර්ථිකය පිළිබඳ වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ණය ගෙවන්න තවත් ණය ගනිමින් රට තවත් අගාධයකට ඇඳ දැමීමට වර්තමාන පාලයක් කටයුතු කරමින් සිටිනවා. ජනතා ශක්තියක් තිබෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහනය කළ හැකි ශක්තිමත් නායකත්වයක් තිබෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සමඟ එකතු වීම යුගයේ අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක්.

රටේ පවතින නීතිය අනුව සැප්තැම්බර් මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පෙර අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න පුලුවන්. සියලු තුරුම්පු තියෙන්නේ ජනාධිපතිවරයා සතුව. ඔහු කුමන තුරුම්පුව ගහයිද කියලා අපිට කියන්න බෑ. කුමන මැතිවරණයක් පැවැත්වුවත් ජනතා විරෝධි පාලන තන්ත්‍රය වෙනස් කරන්න අපි එකට හිටගන්නවා.

කතානායකවරයාට දකුණු පසින් වාඩිවෙලා සිටින අයට විතරයි රට කරන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. නමුත් කතානායකවරයාට වව් පසින් සිටින බොහෝ දෙනෙකුට රටක් පාලනය කිරීමට හැකි දැනුමක් අවබෝධයක් අද්දැකීමක් තිබෙනවා. අපගේ පාලන තන්ත්‍රයක් තුළ රටේ පවතින ගැටලුවලට සාධනීය විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ‘‘

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,

‘‘පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා සමගි ජනබලවේගය සමඟ එකතු වීම සමගි ජනබලවේගයට විශාල ශක්තියක් ෂාන් විජයලාල් ද සිල්වාට පොදුජන පෙරමුණ සමඟ කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් ඔහු රට වෙනුවෙන් දැවැන්ත තීරණයක් අරගෙන තිබෙනවා. ඔහුගේ එම තීරණය අපි සියලු දෙනාට විශාල ශක්තියක්. විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙල ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට අපි සියලු දෙනා එකතු වෙලා සිටිනවා. රටේ ජනතාව පත්ව තිබෙන පීඩනයෙන් ගොඩගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගය සමඟ එකතුවෙලා අංග සම්පූර්ණ එ්කාබද්ධ වැඩපිළිවෙලක් 2024 ඇතිකිරීම තමයි අපගේ ඉලක්කය වෙන්නේ.‘‘

ඩිලාන් පෙරේරා මහතා,

‘‘නිදහස් ජනතා සභාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ ආණ්ඩු කරන්න ඕන කියලා තීරණය කළේ 2022 ජුලි 20. පාර්ලිමේන්තුව තුළ සිටින විපක්ෂයේ කණ්ඩායම් සහ පාර්ලිමේන්තුවෙන් එළියේ සිටින විපක්ෂ කණ්ඩායම් එකතු කරගෙන ඒකාබද්ධ පොදු සන්ධානයක් නිර්මාණය කළ යුතුයි කියලා නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනා තීරණය කළා. ඒ අනුව සමගි ජන බලවේගය , ජාතික ජනබලවේගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොමියුනිට්ස් පක්ෂය , දෙමළ ජාතික සන්ධානය සමඟ නිදහස් ජනතා සභාව සාකච්ඡා පැවැත්වුවා. නමුත් බොහෝ දේශපාලන පක්ෂ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න කැමැත්ත දැක්වුවත් මැතිවරණයක් සඳහා එකතු වෙන්න එකගවුණේ නෑ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ පිහිටුවීමට නියමිත සන්ධානය ඉක්මනින් පිහිටුවිය යුතුයි. මොකද අපි දන්නේ නෑ ඉදිරියේදී කුමන මැතිවරණය ඉස්සල්ලා එයිද කියලා. පාර්ලිමේන්තු මැතිවරණයට බටර් එකක් එකක් ඇති. ඒක සමගි ජනබලවේගය හදලා ඉවරයි. ජනාධිපතිවරණයක් නම් අයිසින් කේක් එකක් හදන්න ඕන. වර්තමාන ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට කරපු දේ නිසා ඉදිරියේදී කුමන මැතිවරණය පවත්වයිද කියලා කියන්න බෑ. මැතිවරණ දිනා ගන්න අරගලයක් කරන්න වෙයිද දන්නෙත් නෑ.

ආණ්ඩුව එලවන්න අපිට එක මතයකට එන්න වෙනවා. ඒ නිසා එකගවීමට පුලුවන් කාරණා වලට එකගවෙමින් අනෙකුත් කාරණාවලට එකගනොවෙන්නත් එකඟවෙනමින් කටයුතු කළොත් විතරයි ජනාධිපතිවරණයක් ආවොත් ජය ගන්න පුලුවන් වෙන්නේ.

ආණ්ඩුව ගෙදර යවන්න විරුද්ධ පක්ෂයේ සියලු කණ්ඩායම් එකතු විය යුතුයි. එකතුවෙලා හදන ආණ්ඩුව දිගටම තියාගත්තේ නැත්නම් හදාගත්ත ආණ්ඩුව පරදිනවා . ඒක රාපක්ෂලාට සිදුවුණා.


විරුද්ධ පක්ෂයේ ඉදලා ඇමැතිකම් ගන්න ආණ්ඩුවට යනවා වෙනුවට අද ආණ්ඩුවේ ඇමැතිකම් දාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විපක්ෂය සමඟ එකතුවෙනවා. ජනතාධිපතිවරණයක් ජයග්‍රහනය කරන්න විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකතුවිය යුතුයි.
අරමුණ වෙන්නේ ආණ්ඩුව ගෙදර යැවීමනම් ඒ එකතුවීම අත්‍යාවශ්‍ය වෙනවා.

අපි එකතු වෙලා හදන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. අපි හදන බලවේගයේ ප්‍රධාන බලවේගය වෙන්නේ සමගි ජන බලවේගය.‘‘


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka