සිවිල් ක්‍රියාකාරිකයන් අලුත් අවුරුද්දේ කෙහෙළියගේ ගෙදර ඉදිරිපිටට මල්වඩමක් අරන් යයි! (VIDEO)
සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් අද උදැසන මල්වඩමක් සමඟ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට තැබීමට පියවර ගත්හ.
ඖෂධ වංචාවේ මහා මොළකරු බවට රඹුක්වැල්ල මහතාට චෝදනා එල්ල වී තිබීම නිසා මෙසේ ඔහුට මෙම මල්වඩම ලබාදීමට පැමිණියේ යැයි පවසමින් අදාළ පිරිස එම නිවසට ගොස් තිබේ.
අධිකරණය මඟින් ද ඔහු ඖෂධ වංචාවේ මහා මොළකරු ලෙස තහවුරු වී ඇති බවට චෝසනා කරන ඔව්හු ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලති.
මෙරට රෝගීන්ගේ මරණ වරෙන්තුව නිකුත් කළ කෙහෙළිය රඹුක්වැල්ලට මරණයේ සාධකයක්වන මල් වඩම මෙසේ රැගෙන ආ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
සිවිල් ක්‍රියාකාරිකයන් අලුත් අවුරුද්දේ කෙහෙළියගේ ගෙදර ඉදිරිපිටට මල්වඩමක් අරන් යයි! (VIDEO)
2024-01-01T16:40:00+05:30
Gossip Lanka Hot News





