gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘අවලෝකිතේෂ්වර බෝධිසත්වයන්’ ගැන හෑගොඩ විපස්සි හිමියෝ කතා කරති! මහනාහිමිවරුන්ට මැදිහත් වෙන්න කියයි! CIDයටත් පැමිණිල්ලක්!

තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාගන්නා පුද්ගලයෙක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් පෙන්වා දෙන්නේ මෙවන් පුද්ගලයින්ගෙන් බුද්ධ ශාසනයට සහ ධර්මයට සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මහ නා හිමිවරුන් මැදිහත් විය යුතුව පවතින බවය.

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින එම පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පසුගියදා මෙරටට පැමිණ ඇති අතර ඔහු සිය අනුගාමිකයන් පිරිසකගෙන් වැඳුම් පිඳුම් ලබන අයුරු දැක්වෙන වීඩියෝ මෙලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී. 

ඔහුට වැඳුම් පිඳුම් කරන පිරිස අතර සිල් මාතාවක්ද සිටින ආකාරය දැකිය හැකි වීම විශේෂත්වයකි.

පසුව ඔහු විහාරස්ථානයකට පැමිණීමෙන් අනතුරුවද පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු දැක්වෙන තවත් වීඩියෝවක් ලැබුණි.
 
මේ අතර අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka