නුවර පැමිණි ඤාණක්කාට මහනුවර පොලිසියෙන් පෙරගමන් රථ සමග ප්‍රභූ ආරක්ෂාව!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අධ්‍යාත්මික උපදේශක ලෙස කටයුතු කළ රටට රස කතා රැසක් මැවූ අනුරාධපුරයේ ඤාණක්කා මහනුවරට පැමිණි අවස්ථාවේ වීශේෂ පොලිස් ආරක්ෂාවක් සහ පෙරගමන් රථ සපයමින් සුවිශේෂ ප්‍රභූ සත්කාරයක් සැපයීමට මහනුවර පොලිස් ප්‍රධානීන් කටයුතු කළ ආකාරය සම්බන්ධවඅභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
පෙරේදා (08) ඇය මහනුවරට පැමිණ ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ සංචාරය කළ ඇයට දිවා භෝජනය පිළියෙළ කර තිබුණේ ඇයගේ සැදැහැවත් අනුගාමිකයෙක් බව කියන දියවඩන නිලමේවරයා විසින් බව ද වාර්තා වේ.
ඇය නවාතැන් ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසේ බවට ලද තොරතුර සත්‍යදැයි කළ විමසීමක දී මනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක කියා සිටියේ එය අසත්‍ය පුවතක් බව ය.
නමුත් අනුරාධපුරයේ වෙසෙන තම ඥාති සහෝදරියක් මහනුවරට පැමිණි බවත් ඇය දළදා මාලිගාව ට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගෙන ගිය බවත් ඇය නිවසේ නවාතැන් ගෙන ගිය බවත් ඔහු කියා සිටියේය.
ලංකාසර
නුවර පැමිණි ඤාණක්කාට මහනුවර පොලිසියෙන් පෙරගමන් රථ සමග ප්‍රභූ ආරක්ෂාව!
2024-01-11T08:01:00+05:30
Gossip Lanka Hot News





